අභිමතාර්ථ ( ක්‍රියාකාරකම් )


1.	1961 අංක 31 දරන ආයුර්වේද පනතින් සභාවට පවරා ඇති වගකීම් ක‍්‍රියාත්මක කිරීම

i.	ආයතනික උපාධිධාරී වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීම (BAMS/ BSMS/ BUMS)
ii.	ආයුර්වේද ශාස්ත්‍රී වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීම. 
iii.	විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් ඉන්දියානු විශ්ව විද්‍යාලයක විදේශ සුදුසුකම්ලත් වෘත්තිකයන් ලියාපදිංචි කිරීම.
iv.	පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීම.
v.	ආයුර්වේද හෙද නිලධාරීන් වශයෙන් තැනැත්තන්ගේ නම් ලියාපදිංචි කිරීම,
vi.	ආයුර්වේද ඖෂධවේදීන් වශයෙන් තැනැත්තන්ගේ නම් ලියාපදිංචි කිරීම,
vii.	ආයුර්වේද සම්භාහන ශිල්පීන් වශයෙන් තැනැත්තන්ගේ නම් ලියාපදිංචි කිරීම

2.	ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය අළුත් කිරීම.
3.	ආයුර්වේද වෛද්‍යවරුන්/ හෙද නිලධාරීන්/ ඖෂධවේදීන්/ සම්භාහන ශිල්පීන්ගේ වෘත්තීකයන්ගේ වර්යාව විධිමත් ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය ආචාරධර්ම හා ප‍්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම
4.	වෙබ් අඩවිය යාවත් කාලීන කිරීම.
5.	විශේෂිත වැඩසටහන් (වෘත්තිය සංවර්ධන වැඩසටහන්) 
6.	ආයුර්වේද වෛද්‍ය සභාවේ භාණ්ඩ සමීක්ෂණ පැවැත්වීම
7.	ආයුර්වේද වෛද්‍ය මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම
8.	ආයුර්වේද වෛද්‍ය සභාවේ ජංගම කාර්යාල පැවැත්වීම

i.	මිත්‍රශීලී සේවාවක් තුළින් දේශීය වෛද්‍ය ක්‍රමය සුරක්ෂිත කිරීමේ අරමුණින් පළාත් මට්ටමින් ආයුර්වේද විෂයට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්, ආයුර්වේද සංරක්ෂණ සභා ලියාපදිංචි හා ලියාපදිංචිය අපේක්ෂිත තැනැත්තන් දැනුවත් කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම.

ii.	ආයුර්වේද වෛද්‍ය සභාව මඟින් වරින්වර ගනු ලබන තීරණ පිළිබඳව ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම.